මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශ පිටාර මට්ටමට

මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර පිහිටි පෝෂක ප්‍රදේශ වලට සවස් කාලයේ ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ හා කාසල්රි  යන ප්‍රධාන ජලාශ පිටාර මට්ටමට ඉතා ආසන්නව පවති.

මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම අද  (10) පෙ.ව. 06.00 වන විට පිටාර මට්ටමට පිළිවෙලින් අඟල් 18 ක් හා අඟල්12 ක් වශයෙන් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

මාවුස්සාකැලේ ජලාශය අක්කර අඩි 93,400 ක් හා කාසල්රී ජලාශය අක්කර අඩි 68,000 ක ජල ධාරිතාවයකින් සමන්විත වේ.

ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන ජලවිදුලි බලාගාර 05 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මෙම ප්‍රධාන ජලාශ දෙකෙනි.

Exit mobile version