අගමැති සහ TNA අතර විශේෂ සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (17) දින යාපනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

අගමැතිවරයා උතුරු පළාතේ සිදුකරන සංචාරය අතරතුර මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවද දැනගන්නට ලැබේ.

මෙම අවස්ථාවට මංගල සමරවීර හා රාජිත සේනාරත්න යන ඇමතිවරුන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයන් එක්වනු ඇතැයි  වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතාගෙ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක‍් ඊයේ දිනයේදී යාපනයට පැමිණි අතර නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි වේලානායි, චන්කාලනායි, චන්දිලිපායි, සුන්නගම්, තෙලිප්පලෙයි, චවාකච්චේරි යන ස්ථානවලදී මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සංවිධානය කර තිබිණි.

කුලන්දායි නිවාස යෝජනා ක්‍රමය ,උඩුවිල් නිවාස ව්‍යාපෘතිය,චෙඩ්ඩියාර්මඩම් පාර,පන්නාලේ-කීරමලේ පාර  සහ එරාලේ කඩුවාන් පාර නිරීක්ෂණය කිරීමට අගමැතිවරයා ඊයේ දිනයේදී එක්විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  විසින් කලාපීය ගුවන් ගමන් සඳහා පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද(17) දින විවෘත කිරිමට නියමිතය.

Exit mobile version