වෙල්ගමට දේශපාලන පොරපිටියට එන්නැයි ඉල්ලා උපවාසයක්

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පලකරනා ලෙස ඉල්ලමින් මතුගම නගරයේ ජනතා විසින් උපවාසයක් ආරම්භ කර තිබේ.

අද(17) උදෑසන මෙම උපවාසය ආරම්භ කළ බව අප වාර්තාකරු පවසයි.

මාවිට ඤාණරතන හිමිපාණන්ගේ නායකත්වයෙන් පැවැත්වෙන උපවාසය සඳහා බොන්දුපිටියේ නාගතිස්ස තෙබුවන ඤානින්ද, ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ කළුතර දිස්ත්‍රික් භික්ෂු බලමණ්ඩලයේ ලේකම් බොන්දුපිටියේ සුමනවංශ යන හිමි ඇතුළු, මහා සංඝරත්නය හා සභාවන්හි ජනතා නායකත්වයන් රැසක් එක්වීය.

උපවාසයේ නිරතවී සිටින පිරිස විසින් ඉල්ලා සිටින්නේ කළුගංතොට සිංහයා නොහොත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මේ මොහොතේ නිහඬ පිළිවෙතක් අනුගමනය නොකර රට ජාතිය වෙනුවෙන් දේශපාලන පොර පිටියට යළිත් එක්වන ලෙස ඉල්ලීම් කරයි.

Exit mobile version