තැපැල් ඡන්දයට පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කිරිම අනිවාර්යයි

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමේදී රාජ්‍ය සේවකයින් විසින් පිළිගත් හැදුනුම්පතක් ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව මැතිවරණ කොමිශන් සභාව පවසයි.

ඒ අනුව ජාතික හැදුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය හා මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැදුනුම්පත හෝ ජාතික හැදුනුම්පත් අංකය සදහන් වන රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරුකළ යුතු බව කොමිශන් සභාව පෙන්වා දෙයි.

රාජකාරී හැදුනුම්පත තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා පිළිගනු ලැබුවද එම හැදුනුම්පත ඉදිරිපත් කරන ඡන්ද දායකයාගේ අනන්‍යතාව පරීක්ෂා කිරීම ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු අධීක්ෂණයට පත්කර ඇති නිලධාරියා විසින් සිදුකළ යුතු වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සියළුම සහතික කිරීමේ නිලධාරීන් දැනුවත් කරන ලෙස මැතිවරණ කොමිශන් සභාව අදාල පාර්ශව වෙත දැනුම් දී තිබේ.

Exit mobile version