වීඩියෝවේ ඉන්න එක් පුද්ගලයෙක් දැන් කාන්තන්කුඩි SLPP සංවිධායකයෙක්

තමා හා සහරාන් සිටින වීඩියෝවේ සිටින එක් පුද්ගලයෙක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තන්කුඩි සංවිධායක බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

අද (23දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

එසේම එම පුද්ගලයා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කාන්තන්කුඩිහි සියලුම සංවිධාන කටයුතු සිදුකරන බවත් ඔහු පැවැසීය.

Exit mobile version