සිසුන් අතර ශීඝ‍්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ‍්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ‍්‍රයේ සියලුම පීඨ හදිසියේ වසා දැමීමට තීරණය කර තිබෙන බව උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා සඳහන් කළේය.
ඒ අනුව අද (19) සිට ලබන 26 වන දින දක්වා මිහින්තලය පරිශ‍්‍රයේ සියලුම පීඨ වසා දැමීමට තීරණය කර තිබේ.
නේවාසිකාගාර හිමි සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දින පස්වරු 4ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු අතර යළි 26 වන දින පස්වරු 4.00ට පෙර නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බව රජරට විශ්ව විද්‍යාලය සඳහන් කළේය.