ලක්ෂ 3කට අධික පිරිසකට හැදුනුම්පත් සඳහා විශේෂ ඒකකයක්

උප්පැන්න සහතිකය නොමැති වීම සහ පදිංචිය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකිව සිටින ඡන්ද දායකයින් ලක්ෂ 3කට අධික පිරිසකට හැදුනුම්පත් සඳහා විශේෂ ඒකකයක් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇත.
මෙම ඒකකයට හැදුනුම්පත් නොමැති  ඡන්ද දායකයින්ගෙන් අයදුම්පත් 5000කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබි ඇති අතර ඉන්  1000කට පමණ දැනටමත් ජාතික හැඳුනුම්පත් නිකුත් කොට ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
Exit mobile version