Home දේශීය පුවත් වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීමට ගිනි ආරක්ෂණ බිම් තීරු හා ගිනි නිවීමේ හදිසි ප්‍රතිචාර ඒකක

වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීමට ගිනි ආරක්ෂණ බිම් තීරු හා ගිනි නිවීමේ හදිසි ප්‍රතිචාර ඒකක

0
වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීමට ගිනි ආරක්ෂණ බිම් තීරු හා ගිනි නිවීමේ හදිසි ප්‍රතිචාර ඒකක

වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීම හා වළක්වාලීමේ අරමුණින් ගිනි ආරක්ෂණ බිම් තීරු ඇතිකිරීම, ගිනි නිවීමේ හදිසි ප්‍රතිචාර ඒකක ස්ථාපිත කිරීම සහ දිවයිනම ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනී.

මේ පිළිබඳව යෝජනාව ඇතුළත් අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිව තිබේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් යෝජනවා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.

දඬයක්කරුවන් විසින් සතුන් දඬයම් කිරීම සඳහා ද, ගොවීන් විසින් හේන් ගොවිතැන් කටයුතු සඳහා ද කැලෑ ගිනි තැබීම සිදු කරන අතර ඇතැම් පිරිස් හුදු විනෝදනය සඳහා ද නොසැළකිල්ල නිසාද වනාන්තරවලට ගිනි ඇවිලවීම සිදු කරයි.

මේ හේතුව නිසා ශාක සහ සත්ත්ව ප්‍රජාවගේ වාසස්ථාන අහිමිවීම හා කාබන්ඩයෝක්සයිඩ් වායුගෝලයට මුදා හැරීම ආදී පරිසරයට හානිකර ප්‍රතිවිපාක රැසක් අත්වෙයි. වසර 2016 ගත්විට මෙරට වනාන්තර හෙක්ටයාර් 2945ක් පමණ ගිනි ගැනීම්වලට ලක්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version