කුලියාපිටියට කර්මාන්තපුර 30ක් ලබාදෙනවා – සජිත්

රට පුරා සිදුකරන ඩිජිටල් විප්ලවය තුළ කුලියාපිටිය ප්‍රදේශයට කර්මාන්තපුර, නව තාක්ෂණ විද්‍යාල සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන 30 බැගින් ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) කුලියාපිටියේ පැවති ජන රැලියක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා,

“මම කැටි වළාකුළුවල නෙවේ ඉන්නේ..මම කෙඳි වළාකුළුවල නෙවේ ඉන්නේ. මම ඔරිජිනල්ම ශ්‍රී ලංකන්. කෙසේවෙතත් පුරවැසිභාවය මට නම් වැඩක් නෑ.. හේතුව.. 16 වෙනිදාට වාර්තාගත ජයග්‍රහණයක් අපි මුළු රටින්ම ගන්නවා.” යැයි පැවසීය.

Exit mobile version