මහවැලි ”ඊ” කලාපයේ සංවර්ධන කටයුතු ලබන වසරේදී

මහවැලි මහ සැලැස්මේ “ඊ”  කලාපය වශයෙන් හඳුන්වා ඇති මාතලේ හා මහනුවර යන දිස්ත්‍රික්කයට අයත් විල්ගමුව හා මිණිපේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය, මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමේ කටයුතු ලබන වසර මුලදී ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 44ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 27ක් මේ යටතේ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරයි.

Exit mobile version