හත්වන විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂ නායකයින් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් අතුළු විශාල පිරිසක් සහභාගි විය.

Exit mobile version