කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

වව්නියාව නගරයේ දී කේරල ගංජා කිලෝ 02යි ග්‍රෑම් 822ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වව්නියාව පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු වයස අවුරුදු 23ක් වු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව පොලිසිය පවසයි.

සැකකරු අද (20) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වව්නියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version