ඊශ්‍රායල අගමැති නෙතෙන්යාහුට එරෙහිව දූෂණ චෝදනා

ඊශ්‍රායල අගමැති බෙන්ජමීන් නෙතෙන්යාහුට එරෙහිව දූෂණ හා වංචා චෝදනා එල්ල වී ඇති බව එරට විද‌ෙස් මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේ නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන අගමැතිවරයා අවධාරණය කර සිටින්නේ, චෝදනා හමුවේ කිසිසේත් ධුරයෙන් ඉල්ලා අස්නොවන බවයි.

අල්ලස් ගැනීම, දූෂණය හා මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධව කළ විමර්ශනයකදී විශ්වාසය පළුදු වන ආකාරයට කටයුතු කිරීම ඔහුට එරෙහිව එරට නීතිපතිවරයා ගොනුකළ අදාළ චෝදනා අතරට අයත් ව‌ෙයි.

අගමැති තනතුර දරමින් සිටියදී මෙවන් මූල්‍ය වංචා චෝදනාවකට ලක්වූ පළමු ඊශ්‍රායල අගමැතිවරයා ලෙසින් නෙතෙනියාහු ඉතිහාසයට එක්වෙයි.

Exit mobile version