හතු විෂ වී තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයට

කැලෑවක පිපී තිබූ විෂ හතු (බිම්මල්) වර්ගයක් ආහාරයට ගත් එකම පවුලක කාන්තාවක් ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු හතු විෂ වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව අද (22) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අරාව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 69 ක කාන්තාවක් හා අවුරුදු 75 සහ 45 වයස්වල පසුවන එකම පවුලක සාමාජික පිරිසකි.

කැලෑවේ පිපී තිබිය දී කඩාගෙන පැමිණී මෙම හතු වර්ගය පිස ආහාරයට ගැනීමෙන් පසුව ඇතිවූ  අධික වමනය, බඩ දැවිල්ල, ඔක්කාරය සහ ක්ලාන්තය හේතුවෙන් මොවුන් රෝහල්ගත කර ඇත.

Exit mobile version