ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ස්වයක්‍රියව විවෘත වෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රිය වාන් දොරටුව අද (01) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත.

ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (30) සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කොත්මලේ ජල මට්ටම ඉහල යාම නිසා ජලාශ වේල්ලේ ස්වයංක්‍රිය වාන් දොරටුව ස්වයංක්‍රියව විවෘත වි ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියාසිටියේ.

එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු විවෘත කිරිමට සිදු වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලාඔයේ ජලය පරිහරණය කරන අය සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version