Home දේශීය පුවත් කෙසෙල්ගමු ඔයේ මැණික් ගැරූ පහක් අත්අඩංගුවට

කෙසෙල්ගමු ඔයේ මැණික් ගැරූ පහක් අත්අඩංගුවට

0
කෙසෙල්ගමු ඔයේ මැණික් ගැරූ පහක් අත්අඩංගුවට

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ පරිසර විනාශයක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගැරූ පස් දෙනෙක් ඊ‌යේ (05) දින සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පවසයි.

 

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වත්ත ප්‍රදේශයෙන් කෙසෙල්ගමු ඔයේ ගං පතුලේ තිබු මැණික් ඉල්ලම් කිමිඳී ගොඩගෙන සැකකරුවන් එම මැණික් ඉල්ලම් කෙසෙල්ගමු ඔයටම සෝදමින් සිටි බව මෙම වැටලීම සිදු කළ බගවන්තලාව පොලීසියේ නිලධාරින් පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, සැකකරුවන් අවුරුදු 35 ත් 40 අතර වයස් කාණ්ඩ වල පසුවන අයත් හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එම සැකකරුවන්ට එරෙහිව එළඹෙන 10 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බව බගවන්තලාව පොලීසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version