නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති හර්ෂාන් ද සිල්වා

නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස හර්ෂාන් ද සිල්වා මහතා සහ එහි අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස ප‍්‍රසාද් රණවීර යන මහත්වරුන් ඊයේ (12) දින සිය තනතුරු වල වැඩ භාර ගත්හ.

 

මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයින් විසින් මෙහිදී ආශිර්වාද සිදුකරන ලදී. නාගරික සංවර්ධන අධකාරියේ නිලධාරීන් ඇතුලූ සේවක මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

වැඩ භාරගැනීම සිදුවූයේ බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධකාරියේ ප‍්‍රධාන කාර්යාලයේදීය.

Exit mobile version