මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් ගල්කිස්සේ දී අත්අඩංගුවට

ගල්කිස්ස ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සහ හදුනානොගත් මත්ද්‍රව්‍ය කරල් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

එහිදි සැකකරු සතුව තිබී අයිස් ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් 310ක් සහ හඳුනානොගත් මත්ද්‍රව්‍ය කරල් 30ක් සොයාගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

Exit mobile version