ගංජා හේනක් වටලයි

මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් මොණරාගල පොලිස් බල ප්‍රදේශයේ කලුදියඇල්ල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් ප්‍රදේශයේ රක්ෂිතයක වගා කර තිබූ ගංජා හේනක් වටලා තිබේ.

 

වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

මෙම ගංජා හෙනේ තිබී උස අඩි 4කට වඩා වැඩි ඉතා සරුවට වගා කර තිබූ ගංජා ගස් 125ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

මීට අමතරව එම ගංජා හේන ආසන්නයේ ගසක අටවා තිබූ මෙරට නිෂ්පාදනය කරන ලද බදින තුවක්කුවක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

සියලුම ගංජා පැල පොලීසිය විසින් ගිනි තබා විනාශ කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් සිදු කරයි.

Exit mobile version