Home දේශීය පුවත් රන් භාණ්ඩ වෙළඳසැලක් කොල්ලකෑ 8ක් අත්අඩංගුවට

රන් භාණ්ඩ වෙළඳසැලක් කොල්ලකෑ 8ක් අත්අඩංගුවට

0
රන් භාණ්ඩ වෙළඳසැලක් කොල්ලකෑ 8ක් අත්අඩංගුවට

රත්මලාන ප්‍රදේශයේ රන් භාණ්ඩ වෙළඳසැලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය 13 වනදා රත්මලාන ප්‍රදේශයේ රන් භාණ්ඩ වෙළඳසැලකට ඇතුළු වූ පිරිසක් සේවකයින් බියවද්දා එහි තිබූ රුපියල් ලක්ෂ 21කට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ගල්කිස්ස කොට්ඨාස බුද්ධි අංශ නිලධාරින් සහ මොරටුමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් එක්ව සිදු කරන ලද වැටලීමක දී ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී ඊට අදාල සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ‌ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කොල්ලකන ලද රන් භාණ්ඩ, අපරාධය සඳහා උපයෝගි කර ගන්නා ලද වාහන, ආයුධ හා ඇඳුම් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන, අම්බලන්ගොඩ සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වෙයි.

ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැදවුම් නියෝග ලබා ගැනිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version