හෙරොයින් සමඟ සිව්දෙනෙක් සංචාරක හෝටලයකදී අත්අඩංගුවට

දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක හෙරොයින් සමඟ තරුණයන් සිව් දෙනෙකු ඊයේ (18) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

 

දඹුල්ල පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ මෙම සංචාරකයන්ට නවාතැන් ලබා දෙන බව කියන හෝටලයේ නිරන්තරයෙන් මත් කුඩු ලෝලීන් ගැවසෙන බවට ලද තොරතුරක් මත දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයා ඇතුළු කණ්ඩායමක් රැක සිට සිදුකළ වැටලීමක දී මෙම පුද්ගලයන් අත්අඩංගුවට පත්ව ඇත.

ඔවුන් සතුව තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 3355 සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

තවදුරටත් දඹුල්ල නගරයේ මත්කුඩු තුරන් කිරීමේ වැඩසටහන යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Exit mobile version