රටවල් කිහිපයක සුළි කුණාටුවක්

දරුණු සුළි කුණාටු තත්ත්වයකින් ප්‍රංශය, ස්පාඤ්ඤය, එංගලන්තය ඇතුළු රටවල් කිහිපයකට සුළි කුණාටු තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

ප්‍රංශයේ ඇල්ප්ස් ප්‍රදේශයේ සිදුවූ අනතුරුවලින් පුද්ගලයෙක් මියගොස් 15 දෙනෙක් තුවාල ලබා ඇති අතර ස්පාඤ්ඤයේ ද දෙදෙනෙක් මියගොස් තිබේ.

එංගලන්තයේද 10000කට අධික නිවාසවලට විදුලි සැපයුමද ඇණ හිට ඇතැයි වාර්තා වේ. එසේම දේපල රැසකට හානි සිදුව ඇති බවද විදෙස් වාර්තාවල දැක්වේ.

Exit mobile version