තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

මහරගම, නාවින්න ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රීයේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 

බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 64 හැවිරිදි නාවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

මිරිහාන පොලීසිය ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.

Exit mobile version