Home දේශීය පුවත් වැඩිහිටි දීමනාව අපේක්ෂාවෙන් 137,000ක් පොරොත්තු ලේඛනවල

වැඩිහිටි දීමනාව අපේක්ෂාවෙන් 137,000ක් පොරොත්තු ලේඛනවල

0
වැඩිහිටි දීමනාව අපේක්ෂාවෙන් 137,000ක් පොරොත්තු ලේඛනවල

වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් 137,000 ක් පොරොත්තු ලේඛනවල සිටින බව වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.

 

එම කාර්යාලය සඳහන් කළේ, ප්‍රතිපාදන නොමැති වීමෙන් ඔවුන්ට එම දීමනාව ගෙවීමට නොහැකි වී ඇති බව ය.

මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් ඉල්ලා ඇති බව එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

මේ වනවිට වැඩිහිටි දීමනාව ලබන පිරිස 416,667කි.

මේ අතර දැනට මාසිකව රුපියල් 2000 ක් ලෙස ගෙවන වැඩිහිටි දීමනාව රුපියල් 2500 ක් දක්වා වැඩි කිරිමට ද සැලසුම් කර ඇති බව වැඩිහිටි ලේකම් කාර්යාලය සඳහන් කළේය.

ඒ, සඳහා අවශ්‍ය යෝජනා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයට යොමුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version