යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන්න අනුමැතිය

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇත.

 

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා සිය නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කළේය.

ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ පසුගිය වර්ෂයේ මාර්තු 28 වන දින පත්කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ ප්‍රසන්න ජයවර්ධන මහතාගේ වියෝවයෙන් පසුව පුරප්පාඩු වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධූරය සඳහා කෝදාගොඩ මහතා ජනාධිපතිවරයා විසින් මෙලෙස නිර්දේශ කර තිබේ.

Exit mobile version