ප්‍රධාන ආයතනයක කල් ඉකුත් වු කේක් අමුද්‍රව්‍ය තොගයක් හමුවෙයි

කල් ඉකුත් වු බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර කිලෝග්‍රෑම් 17,500ක් වත්තල ප්‍රදේශයේ ගබඩාවක තිබී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විසින් සොයාගෙන තිබේ.

 

නිලධාරීන් භාරයට ගෙන ඇත්තේ ආහාර නිෂ්පාදනය කරන ආයතනයක් සහ අවන්හල් ජාලයක් පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ ආයතනයකට අයත් ආහාර ද්‍රව්‍ය තොගයක් බව වාර්තා වෙයි.

කස්ටඩ් පවුඩර්, පාන් සෑදිමට භාවිත කරන වෝල් කෝනර්, කේක් සැරසිලි අමුද්‍රව්‍ය, වැනිලා සහ ඇපල් බීම වර්ග කල් ඉකුත් ආහාර ද්‍රව්‍යවලින් කිහිපයක් වන අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 15ක් පමණ වෙයි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී කල් ඉකුත් වු නිෂ්පාදනවල ලේබල් ඉවත් කර නව ලේබල් අලවමින් සිටි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය සඳහන් කළේය.

Exit mobile version