කොදෙව්වන් සමඟ තරඟවදින ශ්‍රී ලංකා සංචිතය මෙන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

 

කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න දරන අතර ආබාධයකට ලක්වූ ධනුෂ්ක ගුණතිලක වෙනුවට ශෙහාන් ජයසූරිය සංචිතයට කැඳවා තිබේ.

අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිදු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර සංචිතයට ඇතුළත් කර ඇති සෙසු ක්‍රීඩකයින් වේ.

තරඟ 03 කින් සමන්විත ශ්‍රීලංකා – බටහිර ඉන්දීය කොදෙව් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය ලබන 22 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Exit mobile version