ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි මගීන් දෙදෙනෙකු කොවිඩ් ආසාදනය වී මිය යයි

ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි මගීන් දෙදෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇත.

 

වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව රෝහල්ගත කළ වයස අවුරුදු 80 ඉක්මවූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වන විට නෞකාවේ සිටි මගීන් 624 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කිරිමට ජපාන බලධාරින් පියවර ගෙන ඇත.

Exit mobile version