ගුරු- විදුහල්පතිවරු ලෙඩ වෙයි

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති එක්ව අද (26) දිනයේ ක්‍රියාත්මකකර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකාගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

 

අද දිනයේ දිවයිනේ බොහෝ පාසල්වල ගුරුවරුන් සේවයට වාර්තාකර නොමැති බව ඔහු සදහන් කළේය.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් සිසුන්ගේ පැමිණීමේද අඩුවක් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සදහන් කරයි.

වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් ගුරු- විදුහල්පති වෘත්තිය සමිති අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටියි.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා ගුරු – විදුහල්පති වෘත්තිය සමිති 30 ක පමණ සහය හිමිවී ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේය.

Exit mobile version