Home දේශීය පුවත් ගෝඩා බැරල් සමඟ තිදෙනෙක් නාවික හමුදා භාරයට

ගෝඩා බැරල් සමඟ තිදෙනෙක් නාවික හමුදා භාරයට

0
ගෝඩා බැරල් සමඟ තිදෙනෙක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, ඉලන්කාන්තෙයි ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධි මත්පැන් නිශ්පාදනය සඳහා භාවිතා කරන ගෝඩා සහිත බැරල් පහක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

 

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් සිදු කරනු ලබන වැඩසටහන් සඳහා සහය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ ආක්‍ෂක තත්වයන් පිළිබඳවද නිරන්තර අවධායෙන් කටයුතු කරයි.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් ඊයේ (22) ත්‍රිකුණාමලය, ඉලන්කාන්තෙයි ප්‍රදේශයේ සිදු කරන ලද පාමුර සංචාරයක් අතර තුරදී වන ලැහැබක් අසල නවතා තිබූ යතුරුපැදි දෙකක් නිරීක්‍ෂණය කර ඇත.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය සඳහා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවක මෙ‌ලෙස නවතා තීබු සැක සහිත යතුරු පැදි පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමේදී අසල තිබූ වන ලැහැබෙහි සිටි පුද්ගලයින් තිදෙනෙක් සමග නීති විරෝධී දේශීය මත්පැන් නිශ්පාදනය සඳහා භාවිතා කරන ගෝඩා සහිත බැරල් 05ක් හා ලීටර් 20 ප්ලාස්ටික් හිස් කෑන් දෙකක් නාවික හමුදා භාරයට ගැනීමට එහිදී කටයුතු කරන ලද අතර, ඔවුන් පැමිණී යතුරු පැදි දෙක ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවරුදු 20 සහ 21 යන වයස් වල පසුවන තෝපූර් සහ මූතූර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට කරුණු අණාවරණය කර ගෙන ඇත.

අදාල පුද්ගලයින්, ගෝඩා බැරල්, හිස් කෑන් දෙක සහ යතුරු පැදි ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා සාම්පූර් පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version