බැඳුම්ගකර ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ වාර්තාව – ඇතැම් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇත

2015 පෙබරවාරි 01දා සිට 2016 මාර්තු 31දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පරික්ෂා කිරීම, විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇතුළත් ඇතැම් නිර්දේශයන් මහ බැංකුව විසින් දැනටමත් ක්‍රියාවට නංවා ඇති බවත් ඇතැම් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මුදල් මණ්ඩලය විසින් එම පියවරයන් ගැනීමේ දී නිසි පරිදි නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන ඇති අතර එකී වාර්තාවේ ඇතුළත් නිර්දේශයන්ට අදාළව මෙතෙක් ගනු ලැබ ඇති සහ ගැනෙමින් පවතින පියවරයන් සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජනතාව වෙත දැනුම්දීමත්, පොදු රාජ්‍ය ණය සහ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීමේ කටයුතු සම්බන්ධව විනිවිදභාවය වර්ධනය කිරීම සුදුසු බවත් මුදල් මණ්ඩලය අඳහස් කරයි.
මුදල් මණ්ඩලය විසින් ජනාධිපති කොමිෂමේ වාර්තාව අඛණ්ඩව සැලකිල්ලට ගනු ඇති අතර සුදුසු පරිදි වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
2015 පෙබරවාරි 01දා සිට 2016 මාර්තු 31දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පරික්ෂා කිරීම, විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇතුළත් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට සලකා බැලීම සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් ජනවාරි 10දා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වෙත භාර දී ඇත.
Exit mobile version