ප්‍රථම තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට අද සිට – එක්වන්න සියත සමඟ

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට අද (15) බංග්ලාදේශයේ දී ආරම්භ වෙයි.

තරග සංචාරයේ නිල විකාශනය අයිතිය සියත අප විසින් හිමිකර ගත් අතර 10.30 සිට තරගාවලිය සජීවීව නැරඹීමට සියත ටීවී හා එක්වන්න.

ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව) මෂ්රෆි මොටාසා (බංග්ලාදේශය) හා ග්‍රේම් ක්‍රීමර් (සිම්බාබ්වේ) කණ්ඩායම් තුනේ නායකත්වයන් දරති. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී දැනට බංග්ලාදේශය හත්වන ස්ථානයේත් ශ්‍රී ලංකාව අටවන ස්ථානයේත් සිම්බාබ්වේ නවවන ස්ථානයේත් පසුවෙති.

ශ්‍රී ලංකා කණ්ඩායම – ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂමන්ත චමීර, ෂෙහාන් මධුශාන්, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග.

තරඟ කාලසටහන

Exit mobile version