රට තුළ ඇති අවදානම් තත්ත්වයෙන් මිදීමට නම් ජනතාවට විනයක් අවශ්‍යයයි

රට තුළ පවතින අවදානම් තත්ත්වයෙන් මිදිමට නම් ජනතාව විනයක් සහිතව කටයුතු කළ යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

 

ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් ලෙස හැඳින්වුවත් අද වන විට දියුණු රටවල් කොරෝනා වෛරසය සමඟ ඇතිව තිබෙන තර්ජනය හමුවේ මුහුණ දී ඇති ආකාරය කෙබදුද යන්න පෙනී යන බවයි.

ශ්‍රී ලංකාවේ ළාබාල කෙනාගේ සිට වයස්ගතම පුද්ගලයා දක්වා කිසිවෙකුටත් නිරපරාදේ මිය යෑමට ඉඩ දෙන්න අපේ රටේ හමුදාවන්, පොලීසිය හෝ සෞඛ්‍ය අංශ සුදානමක් නොමැති බවද ඒ මහතා පැවසීය.

දිය යට ඇති රබර් බෝලයක් සේ එය දිය යට ගිල්වා ගෙන ඇති බවත්, මේ තත්ත්වය භයානක බවත් මෙයින් මිදීමට නම් මහජනතාවට මනා විනයක් අවශ්‍ය බවත් ඒ මහතා කියා සිටියේය.

සෞඛ්‍ය අංශවල උපදෙස් මනා ලෙස පිළිපදින්නේ නම් මෙයින් ගැළවීම එතරම් අපහසු නොමැති දෙයක් බවත් කමල් ගුණරත්න මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Exit mobile version