පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කතානායක කරූ ජයසූරිය මහතාගේ අත්සන යෙදීම අද (31) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය.

මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල මහතා,  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා යන අය එක් වූහ.

2012  අංක 22 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන  පනත් කෙටුම්පත පළාත් සභා‍ හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා විසින් පසුගිය ජූනි 20 වැනිදා‍ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. පනත් කෙටුම්පත  දෙවනවර කියැවීමේ විවාදය පසුගිය  (24) දින දවස පුරා පැවැත්වුණි. පනත් කෙටුම්පත පසුගිය 25 දින ඡන්ද 120කින් සම්මත විය.

Exit mobile version