අධික සීතල කාලගුණය එළවළු වගාවට මෙන්ම තේ වගාවට ද තර්ජනයක්

මධ්‍යම කදුකරයට මේ දිනවල බලපා ඇති අධික සීතල කාලගුණය හේතුවෙන් කඳුකරයේ ජිවත් වන ජනතාවගේ ජන ජිවිතයට ගැටළු රැසක් මතු වී ඇති බවයි වාර්තා වන්නේ.

පවතින වියළි කාලගුණයත් සමඟ ප‍්‍රදේශයේ එළවළු වගාවට මෙන්ම තේ වගාවට ද තර්ජනයක් වී ඇත. මෙම තත්ත්වයත් සමග ජල උල්පත්ද සිඳීයෑමේ අවධානමට ලක්වී තිබේ.

දිනපතා රාති‍්‍ර 8.00 සිට පසුදා මධ්‍යහන තෙක් පවතින්නේ අධික ශීතල කාළගුණ තත්ත්වයකි.

Exit mobile version