ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තවදුරටත් වසා තබයි

කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තවදුරටත් සංචරන කටයුතු සඳහා වසා තැබීමට එරට රජය තීරණය කර තිබේ.

 

ඒ අනුව මැයි මස 31 වන දින දක්වා එම ප්‍රාන්තය වසා දැමීමට නියමිතයි.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1606 කු වාර්තා වී ඇති අතර එය දිනක් තුළ එම ප්‍රාන්තයෙන් වාර්තා වු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බව වාර්තා වේ.

ඒ අනුව එම ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව30,706ක් වේ.

සමස්තයක් ලෙස මේ වන විට ඉන්දියාවෙන් කොවිඩ් වෛරස ආසාදිතයින් 91314 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 2897ක් සිදුව තිබේ.

Exit mobile version