ප්‍රවාහන අංශවල සේවකයින්ගේ සෞඛ්‍යාරක්ෂණයට චීනයෙන් පරිත්‍යාගයක්

මහජන චීනයේ ප්‍රධාන අපනයන සමාගමක් වශයෙන් සැළකෙන CMC සමාගම විසින් මෙරට ප්‍රවාහන අංශවල නිරතවන සේවකයින් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීමටත්, එම සේවකයින්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් යොදාගත හැකි කට්ටල තොගයක් ඊයේ(02) ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නේය.

 

විශේෂයෙන් ලබන සඳුදා සිට (08) දිවයින පුරා පොදු ප්‍රවාහන සේවා නැවතත් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ගන්නා ලද තීරණයත් සමඟ ලංගම හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පිරිස් වෙත ලබා දීමට මෙම සෞඛ්‍යාරක්ෂණ කට්ටල යොගැනීමට නියමිතය.

මෙම උපකරණ කට්ටල තොගයට Face Mask, Face cover මෙන්ම Protecting kit ද ඇතුළත් වේ.

Exit mobile version