අමෙරිකාවේ වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 15 හැවිරිදි සිසුවෙක් හා සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

තවත් 17 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පාසල තුලට කඩා වැදුනු තුවක්කුකරුවෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර පසුව ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි අනාවරණය වී ඇත්තේ මෙම වෙඩි තැබීම එම පාසලේම ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙක් විසින් සිදුකර ඇති බවය.

Exit mobile version