ලබන සඳුදා දුම්රිය කීපයක් ධාවනය වෙන්නේ නෑ

ලබන සඳුදා දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වුවද දුම්රිය කිහිපයක් එදින ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස් පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ සහ ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රියන් ඇතුළු දුම්රිය කිහිපයක් එදින ධාවනය නොවන බවයි.

එමෙන්ම ආසන කලින් වෙන්කර ගැනිමේ පහසුකම අද(06) සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව ද  වී.එස් පොල්වත්තගේ කියා සිටියේය.

Exit mobile version