සජිත් සහ හරීන් කාදිනල් හිමිපාණන් බැහැ දැක වැඳ ආචාර කරයි

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අපහාස වන අයුරින් පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ලවන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ දින (27) උන්වහන්සේ බැහැ දැක වැඳ ආචාර කළේය.

එම අවස්ථාවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්විය.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරයෙන් පසුව කටයුතු කළ ආකාරය සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු පසුගියදා විවේචනයට ලක් කළේය.

එම ප්‍රකාශය සිදු කිරිමෙන් දින දෙකකට පසුව යළිත් වරක් හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැදීමට බලාපොරොත්තු නොවන බවය.

කෙසේ වෙතත් ඊයේ (27) හරීන් ප්‍රනාන්දු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක වැඳ ආචාර කළේය.

Exit mobile version