සා.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2019 ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවා තිබේ.

 

ඒ අනුව 2020.04.27 වන දින නිකුත් කරන ලද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අපේක්ෂා කරන සියලූ ම අයදුම්කරුවන් 2020.07.17 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ අයදුම් පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය.

මේ බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම් පත්‍රයේ ආදර්ශ ආකාතිය 2020.06.26 වන දින ජාතික පුවත්පත්වල හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හි පළ කර ඇත.

ඒ අනුව අදාළ අයදුම් පත්‍ර සම්පූර්ණ කර එවිය යුතු අතර මේ සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය නම් පහත දුරකථන අංකවලින් විමසිය හැකියි.

පාසල් විභාග ඇගයීම් ශාඛාව – 0112 78 52 31 / 0112 78 52 16 / 0112 78 40 37

ක්ෂණික ඇමතුම් අංකය – 1911

Exit mobile version