නාඋල පාසලක බැඳ තිබූ බඹර වදයක් කපා ඉවත් කරයි

නව පාසල් වාරය ආරම්භ කිරිමත් සමඟ නාඋල අධ්‍යාපන කළාපයට අයත් නාඋල – ශ්‍රී නාග ජාතික පාසලේ බැඳ තිබූ අවදානම් සහිත බඹර වදයක් කපා ඉවත් කිරිමට ඊයේ කටයුතු කර ත‌ිිබේ.

 

මෙම පාසලේ දරුවන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් නොපැවැත් වූ සමයේ දී පාසලේ තෙමහල් ගොඩනැගිල්ලක බැඳ තිබු බඹර කූඩුවක් මෙල‌ෙස ඉවත් කිරීමට කටයුතු කර ඇත.

බඹරවදයේ සිටි බඹරුන්ට හානියක් නොවන පරිදි එය පාසල් ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට නාඋල, ශ්‍රී නාග ජාතික පාසලේ විදුහල්පති ඇතුළු කණ්ඩායමක් කටයුතු කර ත‌ිිබේ.

Exit mobile version