සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2564ක්

තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු ඊයේ (07) දිනයේ පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2564 දක්වා ඉහළ ගොස් තිබේ.

 

අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව, කාත්තන්කුඩි යන රෝහල් වල සහ කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මෙලෙස පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2839ක් වන අතර, රෝගීන් 264 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Exit mobile version