අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණීම සඳහා අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

 

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුක මහතා පැවසූවේ, මේ යටතේ දුරගමන් සේවා බස් රථ සංඛ්‍යාව වැඩි කර ඇති බවය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ ය.

Exit mobile version