ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන සොරාගත් සිව් දෙනෙකු අත්අඩංගුවට

බ‍වුසර් මගින් ප්‍රවාහනය කරන ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන වෙනත් බවුසර් රථයකට මාරුකර, ඉතිරිය සඳහා භාවිතයට නුසුදුසු දැවි තෙල් පුරවා මහා පරිමාණ ලෙස ජාවාරමේ නිරතව සිටී පුද්ගලයින් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ට අමතරව ඉන්ධන ප්‍රවාහනය සඳහා යොදා ගත් බවුසර් රථ දෙකක් ද පොලීසිය භාරයට ගෙන අතර සැකකරුවන් වසර දෙකක් තිස්සේ එම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version