නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ජනතා අදහස් ලබා ගැනීම ලබන සතියේ සිට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනතාවගේ අදහස් ලබාගැනීම ලබන සතියේ සිට ආරම්භ කරන බව ජාතික අධ්‍යාපන ආයතනය පවසයි.

 

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේ, එම වැඩපිළිවෙළ දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කෙරෙන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට ද කටයුතු කරන බවයි.

Exit mobile version