පොලිස් වෙඩි පහරින් මියගිය පාතාල අපරාධකරු කවුද ?

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “අංගොඩ ලොක්කා”ගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙකු වු චමින්ද එදිරිසූරිය නොහොත් “චමියා” නමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබුණි.

 

ගම්පහ, ඔරුතොට ප්‍රදේශයේ දී සැකකරු ඊයේ (22) රාත්‍රී 11ට පමණ පොලීසියට වෙඩි තබා පළා යාමට උත්සාහ කර ඇති අතර පොලීසිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා විය.

ඔහු හෙරොයින් සම්බන්ධ තොරතුරු හෙළි කිරීම සඳහා කිසියම් ස්ථානයකට පොලිස් නිල රථයකින් රැගෙන යමින් සිටියදී රථයෙන් පිටතට බැසීමට අවශ්‍ය බව පවසා පොලිස් නිලධාරියෙකු සතුව තිබූ තුවක්කුවක් උදුරාගෙන එම පොලිස් නිලධාරියාට වෙඩි තබා තිබේ. එහිදී පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ‍ඔහු මියගොස් තිබේ.

එම අවස්ථාවේ ඇතිවූ වෙඩි හුවමාරුව හේතුවෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර මියගිය චමින්ද එදිරිසූරිය නොහොත් චමියාගේ මෘත ශරීරය ද එම රෝහලේම තැන්පත් කර තිබේ.

Exit mobile version