පොඩි ලැසීගේ මව අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් ‘පොඩි ලැසී’ගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ , බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කොට්ටාව මායා මාවත ප්‍රදේශයේ කළ වැටලීමකින් ය.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් පරිහරණය කිරීමේ චෝදනාව යටතේ ඇය අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේ ය.

පොලීසිය සඳහන් කළේ, සැකකාරිය සතුව තිබී මුදලින් රුපියල් 51,000 ක්, ජංගම දුරකථන 05 ක්, සහ බැංකු ගිණුම් පාස් පොතක් සිය භාරයට ගත් බවයි.

සැකකාර කාන්තාව 50 හැවිරිදි ආණ්ඩුවත්ත, තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත ය.

Exit mobile version