මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී කථිකාචාර්යවරු 5කට තුවාල

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් පස් දෙනෙක් ගමන් ගත් මෝටර් රථයක් අද(02) අලුයම අනතුරට ලක්ව තිබේ.

 

බදුල්ල – මහියංගනය මාර්ගයේ සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේ දී අඩි 40ක් පමණ ප්‍රපාතකට පෙරළී අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් කථිකාචාර්යවරියන් සිව්දෙනෙක් හා කථිකාචාර්යවරයෙක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබු කථිකාචාර්යවරියන් අතර ගැබිනියක් ද වන බව අප වාර්තාකරු පැවසීය.

බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version