හෙරොයින් සමඟ සැකකරුවෙක් මීගමුවේ දී අත්අඩංගුවට

මීගමුව – දළුවාකොටුව ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ සැකකරුවෙකු ඊයේ(01) දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.

 

මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 300ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 43 හැවිරිදි දළුවාකොටුව ප්‍රදේශයේ පදිංදිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version